ජනතාවට සහන දීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකට එහා බලයක් ලබා දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවයි.
වැඩිදුරටත් අදහස් දක්වා සිටි එතුමා,
“ආණ්ඩුවක් කරගෙන යාම ලේසි පහසු කාර්යභාරයක් නොවෙයි, දැන් කියනවා ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකක බලයක් අවශ්‍යයිලු. 2015 ජනවාරි අපිට ලැබුණේ මේ වගේම, මීටත් වැඩිය බංකොලොත් වෙච්ච ආර්ථිකයක් තිබ්බ රටක්, ජනතාව සහන ලැබෙන ඕනිම දෙයක් සදහා එක්සත් ජාතික පක්ෂය තුනෙන් දෙකක් නෙවෙයි, 100%ක් සහයෝගයක් දෙනවා” යැයි ප්‍රකාශ කර සිටියේය.