Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

2007 න් පසු ප්‍රථම වරට All Blacks පරාදයි…(වීඩියෝ සහිතයි)

2007 න් පසු ප්‍රථම වරට All Blacks පරාදයි…(වීඩියෝ සහිතයි)

පිට පිට තෙවන වරටත් රග්බි ලෝක කුසලානය දිනා ගනු ඇතැයි බොහෝ දෙන බලාපොරොත්ත වුන නවසීලන්ත All Blacks රග්බි කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දමන්නට අද දිනයේ එංගලන්තය සමත් වුණා. ඒ රග්බි ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය ලකුණු 19 – 7 ක් ලෙස ජයග්‍රහණය කරමින්.

All Blacks  2007 වසරේ ප්‍රංශයේ පැවැති රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේදී දුර්වල ප්‍රංශ කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජයෙන් අනතුරුව මේ දක්වා පැවැති කිසිම ලෝක කුසලාන තරගයක් පරාජයට පත්වී නැහැ. අද දිනයේ එංගලන්ත කණ්ඩායම හමුවේ එම වාර්තාව බිඳ වැටුණා.

තම රටේ දී පැවැත්වුණු 2015 රග්බි ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රථම වටයෙන්ම ඉවතට විසි වන්නට එංගලන්තයට සිදු වුණා. ඉන් අනතුරුව එංගලන්ත කණ්ඩායමේ පුහුණුකාර තනතුරට පත් වූ ඕස්ට්‍රේලියානු ජාතික එඩී ජෝන්ස් ගේ මග පෙන්වීම යටතේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.

ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායම ලෝකයේ ජනප්‍රියතම රග්බි කණ්ඩායමයි. ශ්‍රී ලාංකීය රග්බි ලෝලීන්ගෙන් ද 99% කටත් වඩා All Blacks කණ්ඩායමේ ක්‍රීඩා රසිකයන්. ඉතින් නවසීලන්ත කණ්ඩායමේ මෙම පරාජය  රග්බි ලෝලී බොහෝ දෙනෙකුගේ වේදනාවට හේතු වනවා නොඅනුමානයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *