පිට පිට තෙවන වරටත් රග්බි ලෝක කුසලානය දිනා ගනු ඇතැයි බොහෝ දෙන බලාපොරොත්ත වුන නවසීලන්ත All Blacks රග්බි කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දමන්නට අද දිනයේ එංගලන්තය සමත් වුණා. ඒ රග්බි ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය ලකුණු 19 – 7 ක් ලෙස ජයග්‍රහණය කරමින්.
All Blacks 2007 වසරේ ප්‍රංශයේ පැවැති රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේදී දුර්වල ප්‍රංශ කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජයෙන් අනතුරුව මේ දක්වා පැවැති කිසිම ලෝක කුසලාන තරගයක් පරාජයට පත්වී නැහැ. අද දිනයේ එංගලන්ත කණ්ඩායම හමුවේ එම වාර්තාව බිඳ වැටුණා.
තම රටේ දී පැවැත්වුණු 2015 රග්බි ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රථම වටයෙන්ම ඉවතට විසි වන්නට එංගලන්තයට සිදු වුණා. ඉන් අනතුරුව එංගලන්ත කණ්ඩායමේ පුහුණුකාර තනතුරට පත් වූ ඕස්ට්‍රේලියානු ජාතික එඩී ජෝන්ස් ගේ මග පෙන්වීම යටතේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.
ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායම ලෝකයේ ජනප්‍රියතම රග්බි කණ්ඩායමයි. ශ්‍රී ලාංකීය රග්බි ලෝලීන්ගෙන් ද 99% කටත් වඩා All Blacks කණ්ඩායමේ ක්‍රීඩා රසිකයන්. ඉතින් නවසීලන්ත කණ්ඩායමේ මෙම පරාජය රග්බි ලෝලී බොහෝ දෙනෙකුගේ වේදනාවට හේතු වනවා නොඅනුමානයි.