රග්බි ලෝක කුසලානය 2019

ඕල් බ්ලැක්ස් කණ්ඩායම අයර්ලන්ත රග්බි ලෝක කුසලාන බලාපොරොත්තු සුණු විසුණු කරයි…

රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 46 – 14 ක් වශයෙන් ඉතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමට නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායම අද සමත් වුණා.

තරගයට පෙර බොහෝ දෙනා සිතුවේ ‍මෙය ඉතාමත්ම තියුණු තරගයක් වනු ඇති බවයි. 2015 සිට මේ දක්වා මෙම කණ්ඩායම් දෙක අතර පැවැති තරග තුනෙන් දෙකක්ම ජය ගැනීමට අයර්ලන්තය සමත් වීම එයට හේතුවයි. එමෙන්ම රග්බි ලෝක කුසලානය ආරම්භයේදී ලෝක ශ්‍රේණි ගත කිරීම වල පළමු ස්ථානයේ රැඳී සිටියේ අයර්ලන්ත කණ්ඩායමයි. ඒ නවසීලන්ත කණ්ඩායම දෙවැනි තැනට ඇද දමමින්.

නවසීලන්ත ක්‍රීඩකයන් තරගයේ පළමු මිනිත්තුවේ පටන් තම සුපුරුදු දක්ෂතාවයන්ට පැමිණීම නිසා තරගයේ පළමු වටය අවසාන වන විට ලකුණු 22 – 0 වශයෙන් ඉදිරියෙන් සිටීමට ඔවුන්ට හැකිවිය.

තරගය පුරාවට තම සුපුරුදු තරග රිද්මයට පැමිණීමට අයර්ලන්ත ක්‍රීඩකයන්ට නොහැකි වූ නමුත් 2 වන භාගයේදී ලකුණු පුවරුවට ලකුණු 14 ක් එක් කර ගැනීමට ඔවුන් සමත් විය. 2 වන භාගයේදී තවත් ලකුණු 24ක් රැස් කල නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට ඉතා පහසුවෙන් සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පූර්ව වටයේදී නවසීලන්තයට මුණ ගැසෙන්නේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම. එම තරගය ඔක්තෝබර් 26 වැනි දින ජපානයේ යොකොහෝමා නගරයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *