20ට සහය දුන් ඩයනාට විනය පරීක්ෂණයක්

ඊයේ දිනයේ සම්මත වූ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රී වරුන් පිරිසක් ජන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්මියද 20 වැනි සංශෝධනයට පක්ෂව කටයුතු කළා. ඇය ප්‍රකාශ කර සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට සංවර්ධනය කරනු ඇතැයි තමා තුළ පවතින විශ්වාසය මත සහ ජනාධිපතිවරයාට වැඩ කිරීමට අවශ්‍ය බලය ලබාදිය යුතු බැවින් විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ලබාදුන් බවයි.

මේ අතර, පක්‍ෂය ගත් තීරණයට එරෙහිව කටයුතු කළ ඩයනා ගමගේ මන්තී‍්‍රවරියට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අනාවරණය කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *