20

20ට පක්ෂව ඡන්දය දෙන්න – බාකිර් මාකර් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

සිය හෘද සාක්‍ෂියට අනුව 20 වැනි ව්‍යවස්ථාවට ඡන්දය ප‍්‍රකාශ කරන ලෙස තමන් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා සිටින බව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදයේදී විපක්‍ෂය වෙනුවෙන් අදහස් දැක්වීම ආරම්භ කරමින් සමගි ජනබලවේගයේ මන්තී‍්‍ර ඉමිතියාස් බාකීර් මාකර් මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් රටට, ජනතාවට මෙන්ම වත්මන් අගමැතිවරයාට මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ටද කිසිදු සෙතක් සැලසෙන්නේ නැති බවයි. එමෙන්ම 20 වැනි සංශෝධනය සම්මතවූ පසුව අගමැතිවරයාද හෑල්ලූවට ලක්වන බවත්, එම තත්වය නිසා අගමැතිවරයා හදවතින් සිටින්නේ විපක්‍ෂය සමගින් බවත් බාකීර් මාකර් මහතා පවසා සිටී.

වැඩිදුටතර අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 20 වැනි සංශෝධනයට පක්‍ෂව අත් ඔසවන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ටම ඉන් ප‍්‍රථමයෙන් බැට කන්නට සිදුවනු ඇති බවත්, එබැවින් සිය හෘද සාක්‍ෂියට අනුව තම රට හා දරු පවුල පිළිබඳ සිතා කටයුතු කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *