19න් පහළ ලෝක කුසලානය බංග්ලාදේශයට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමි කරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(9) සමත් විය.
ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුවය.

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47.2 කදී ලකුණු 177ක් ලබාගත් අතර බංග්ලාදේශය පන්දුවාර 42 එක් පන්දුවකදී කඩුලු 7ක් දැවී ලකුණු 170ක් ලබමින් ජයග්‍රහණය හිමි කරගැනීමට සමත් විය.

බංග්ලාදේශය 19 පහළ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ පළමුවරටය.
මෙවර ලෝක කුසලානය දකුණු අප්‍රිකාවේදී පැවැති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදීම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *