ජනාධිපති

ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ජනපතිගෙන් තහංචියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස  නියෝග කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාතව්‍යවරුන් වෙනුවෙන් එවන් ලිපි හෝ දුරකථන පණිවිඩ නිකුත් කළ හැක්කේ අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් බවට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

අදාළ ලේකම්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයාගේ සහ අනෙක් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩල මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

තවද එවැනි කටයුතු මින් පෙර සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙසටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *