බුද්ධි අංශ ශක්තිමත් කිරීමට වෙනම පනතක් අවශ්‍යයි. – අජිත් රෝහණ

ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධව මෙරට නීති පද්ධතිය තුල සිදුවිය යුතු වෙනස්කම් පිලිබඳ අදහස් විමසීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැදවූ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස ඉදිරිපත් කර ඇත.

එහිදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කිරීමට වෙනම පනතක් ගෙනආ යුතු බවය.

තවද එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් සම්බන්ධයෙන් දේශපාලඥයින් විසින් යම් බලපෑමක් සිදුකිරීමට යන බව හැඟේනම් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට  දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ඇතිකල හැකි බව ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *