Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොරෝනා මරණයන්ට ආදාහනයද? භූමදානයද?

කොරෝනා මරණයන්ට ආදාහනයද? භූමදානයද?

කොරොනා රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම වෙනුවට එම මෘතදේහ වියළි කලාපයේ විශේෂිත භූමියක භූමදාන කිරීමට අවසර දීමට සෞඛ්‍ය අංශ සලකා බලන බවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අනුව මේ පිළිබද සොයා බැළීමට විශේෂඥ කමිටුවක් පත්කරන ලදී ඔවුන් විසින් ලබා දුන් තීරණයට කැබිනට් මණ්ඩලයට විරුද්ධ නොවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධව හිටපු සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි. එහි සදහන්ව ඇත්තේ කොවිඩ් 19 විශේෂඥ කමිටුවේ අදහස් අනුව සියලුම දේහයන් අදාහනය කරන ලෙස‍ය.

තවද උක්ත කරුණ සම්බන්ධව අධිකරණ අමාත්‍ය අලී සබ්‍රි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කරමින් ඉල්ලා සිටියේ රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහය ආදාහනය නොකර භූමදාන කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසා සිටියේ මෙලෙස කොවිඩ් රෝගය වැලදී මියයන් පුදගලයන්ගේ දේහයන් භූමදාන කිර්‍ර්ම සම්බන්ධයෙන් කිසිදු අවසන් තීරනයකට පැමිණ නැති බවයි.

නමුත් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තාගේ අත්සනකින් නිකුත්වූ නිවේදනයක සදහන් වන්නේ “නව කොරෝනා වෛරස ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් මෘත දේහ භූමදානය කිරීමට වත්මන් රජය අවසර ලබා දී ඇත.“ යනුවෙනි.

මේ පිලිබදව අදහස් දැක්වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසා සිටියේ මේ තීරණය පදනම් කර ගත් කරුණු කාරණා පිළිබඳව තවම කිසිදු වෙනස්කමක් පිළිබඳව වාර්තා නොවන බවයි.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *