13 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ පාසැල් සිසුන් 07 දෙනෙකු ලබන 16 තෙක් රිමාන්ඩ්

Share this Article

දහතුන් හැවිරිදි පාසල් දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 18 හැවිරිදි පාසල් සිසුන් 07 දෙනකු ලබන 16 වැනි දිනතෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (2) නියෝග කළාය.

18 හැවිරිදි වියේ පසුවන සැකකාර පාසල් සිසුන් 07දෙනා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකාර පාසල් සිසුන් විසින් ඉකුත් මාස 07ක කාලයක් පුරා අදාළ දැරිය විවිධ ස්ථානවලට රැගෙන ගොස් වරින් වර ලිංගික අතවර කර තිබෙන බව විමර්ශනවලදී හෙළි වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීහු අධිකරණය වෙත දන්වා සිටියහ.

මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (2 වැනිදා) හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැති අතර එහිදී අතවරයට පත් දැරිය විසින් සැකකරුවන් හත්දෙනා හඳුනාගනු ලැබිණි. ඒ අනුව සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.


Share this Article

Leave a Reply

Your email address will not be published.