119 හදිසි දුරකථන සේවයට නව පහසුකමක්: බිහිරි සහ අන්ධ පුද්ගලයන්ටත් පොලිස් සහාය

බිහිරි, කථන හැකියාව නොමැති සහ දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට 119 පොලිස් හදිසි ඇමතුම් සේවාව භාවිත කිරීමට හැකි වන පරිදි බ්‍රේල් පදනම් කරගත් නව සේවාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා පොලිසියේ 160 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සේවාව අද (04) හඳුන්වාදීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආකාරයේ සේවාවක් හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙය වනු ඇති බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *