11 වනදා සුරාසැල් විවෘත නොකෙරේ

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ දී සුරාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජයේ අවධානය යොමුව නොමැති බවත්, ලබන සදුඳා (11) සුරාසැල් විවෘත කිරිමක් සිදු නොවන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මස 19 වැනිදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාවේදී සුරාසැල් විවෘත කිරීමට රජය පියවර ගත්ත ද, ජනතාව විසින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිනොපැදීම සහ වෛද්‍ය නිර්දේශ මත සුරාසැල් නැවතත් වසා තැබීමට රජය පියවර ගත්තේය.

සුරාබදු කොමසාරිස් ජනරාල් එස්.බෝදරගම මහතා සඳහන් කරන්නේ එළඹෙන 11 වැනිදා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ අරමුණින් බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය විවෘත කිරීමෙන් පසු සුරාසැල් විවෘත කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් ගෙනයන ප්‍රචාර අසත්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *