මැයි 11 විශ්වවිද්‍යාල වලට පැමිණීමට දැනුම්දී ඇත්තේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසකට පමණයි

ලබන 11 වැනිදා විශ්වවිද්‍යාල විෂබීජහරණ කටයුතු සඳහා අනධ්‍යයන කාර්යය මණ්ඩලයෙන් පිරිසකට පමණක් විශ්වවිද්‍යාල වෙත පැමිණීමට දැනුම් දී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව අධ්‍යයන කටයුතු සිදු කිරීමක් හෝ නේවාසිකාගාර විවෘත කිරීමක් සිදුනොවන බවත් ඒ මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන උපදෙස් වලට අනුව කටයුතු කරන බවත්, ශිෂ්‍ය දුරස්ථභාවය පවත්වා ගත නොහැකි බැවින් කිසිසේත් විශ්වවිද්‍යාල පැරණි ක්‍රමයට ආරම්භ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත්ය.

මේ දිනවල අන්තර් ජාලය හරහා සරසවි සිසුන්ගේ ඉගැන්වීම් කටයුතු සිදුවන බවත්, හෙට දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් විසින් අන්තර් ජාලය තුළින් ඉගැන්වීම් කටයුතු සිදුකරන අයුරු දැනුම් දිමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *