හෝමාගම සහ මාවනැල්ලේ මාරක රිය අනතුරු

 

ඊයේ හෝමාගම – අතුරුගිරිය මාර්ගයේ දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී එක් අනතුරක් සිදුව ඇත.

හෝමාගම සහ මාවනැල්ලේ සිදුවු අනතුරුවලින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකාරිය කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි ගැමුණූමාවත, හෝමාගම ලිපිනයේ පදිංචි අයෙකි.

මේ අතර, කොළඹ – නුවර මාර්ගයේ කිලෝ මීටර 99 කණුව අසල දී මහනුවර දෙසට ධාවනය වු බස් රථයක පිටුපස දොරෙන් බිමට වැටී සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29ක් වු කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *