Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නෑ, කළ යුත්තේ දියුණු කිරීමයි – ජනපති කියයි

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නෑ, කළ යුත්තේ දියුණු කිරීමයි – ජනපති කියයි

“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ. කළයුත්තේ ආයතන දියුණු කිරීම. ඒ සඳහා ආදායම් ජනනය කළ යුතුයි. කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළයුතුයි. වියදම් සහ නාස්තිය පාලනය කළයුතුයි. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහදිය හෙළමින් වෙහෙසී වැඩ කරන ජනතාව උපයන ආදායමින්, එබැවින් ආයතන ජනතාවට බරක් නොවිය යුතුයි.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමග අද (18) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී පැවසීය.

සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර මහජන සුබසාධන සේවා බැවින් ආදායම් උත්පාදනයක් ඒවායින් අපේක්ෂා නොකරන බව කී ජනාධිපතිතුමා සෙසු ආයතන තමන්ගේ නඩත්තුව සහ සේවක අභිවෘද්ධිය සඳහා අවශ්‍ය ආදායම් තමන්ම උත්පාදනය කළයුතු බව පෙන්වා දුන්නේය. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා ලෝකයේ සෙසු රටවල සේම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයෙහි බලවත් පරිහානියක් ඇතිව තිබේ. ලක්ෂ සංඛ්‍යාත රැකියා අහිමි වී ඇත. ආයතන ප්‍රධානීන් රට ගැන සිතා වැඩ කළයුතුයි. එසේ නොකළහොත් ආයතන කඩාවැටීමට පවා පිළිවන. මේ අර්බුදය ජය ගැනීමට පමණක් නොව අනාගත ආර්ථික සංවර්ධනය සඳහා ද රාජ්‍ය ආයතන සැලසුම්සහගතව ශක්තිමත් කළයුතුයැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් ක්‍රියාකාරිත්වය සමාලෝචනය කරනු පිණිස සාකච්ඡාව කැඳවා තිබිණ. සිය ශ්‍රාවක ප්‍රජාව කවුරුන්දැයි නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ රුචිකත්වයට ගැලපෙන අයුරින් ජනප්‍රිය වැඩසටහන් සම්පාදනය කරන ලෙසත්, නිසි සැලැස්මක් ඇතිව ආදායම් උපයා ගැනීමට කැපවීමෙන් ක්‍රියාකරන ලෙසත් ජනාධිපතිතුමා සංස්ථා ප්‍රධානීන්ට දැනුම් දුන්නේය. “ආයතනය පත්ව ඇති තත්ත්වය ගැන සේවකයන් නිරතුරුව දැනුවත් කරන්න. තමන් ගැනම නොසිතා ආයතනයේ දියුණුව සඳහා වෙහෙසී වැඩ කිරීමට ඔවුන් පොළඹවන්න” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.

සංස්ථා සේවකයන්ගේ උපරිම කාර්යක්ෂමතාව සහතික කරන අතර විධිමත් සැලැස්මක් යටතේ ආදායම් වර්ධනයට ගතයුතු පියවර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පැහැදිළි කළේය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *