හෙට සිට ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට අවසර, ප්‍රවේශ පත් නිකුත් කිරීමද ඇරඹේ

ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට හෙට (13) දිනයේ සිට අවසර ලබා දීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

අද දින (12) විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය හා පුද්ගලික අංශයේ රාජකාරි සඳහා වාර්තා කරන සේවකයින් සඳහා ප්‍රවාහන සේවා විධිමත්කිරීමට අදාල සියලු අංශ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එහිදී ඔවුන් සදහන් කර ඇත්තේ තමන්ට එවැනි ගැටළුවක් නොමැති බවයි.

මීට අමතරව හෙට (13) දිනයේ සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු ද යළි ආරම්භ කිරීමට හැකි බව අදාළ අංශ පවසයි. ඒ අනුව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මෙන්ම වාර ප්‍රවේශ පත්‍ර නොමැති අයට ටිකට්පත් නිකුත් කිරීම ද හෙටදින සිට ආරම්භ වන අතර ඔවුන් සේවය කරන ආයතනයේ හැදුනුම් පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *