පාස්කු ප්‍රහාරයට අදාළ වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට දින නියම වෙයි

ඉකුත් වසරේ සිදුවූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සැප්තැම්බර් මස 2, 3 සහ 4 යන දින වල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කරනු ලැබුවා.

මෙම පෙත්සම් වලට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති අතර ඔවුන්ය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව මීට පෙර දැනුම් දී තියුණි. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අද දින පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසූයේ ඇතැම් පෙත්සම් වලට අදාළව තම සේවාදායකයාට මේ වනතෙක් නොතීසි ලැබී නොමැති බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ මෙම පෙත්සම් වලට අදාළ නොතීසි අදාළ වග උත්තරකරුවන් වෙත මැයි මස 22 වෙනිදාට පෙර යැවීමට කටයුතු කරන ලෙසයි.

මෙම පෙත්සම් අද දින විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු එස්. තුරෙයිරාජා සහ විනිසුරු ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *