හෙට දින බැංකුවලට වරුවක් නිවාඩු

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ හෙට දිනය සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක් ලැබෙන බවයි.
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින, සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට දිනයේ දී සියලු බැංකු සඳහා එම දින භාගයක විශේෂ නිවාඩුව නම් කර ඇත.
