හුදකලා කර තිබූ පොළොන්නරුව, අභයපුර ගම්මානය යළි විවෘතයි

කොවිඩ්-19 ආසාධිතයකු හඳුනාගැනීමත් සමගම හුදකලා කර තිබූ පොළොන්නරුව, අභයපුර ගම්මානය අද පෙරවරුවේ සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

පසුගිය අප්‍රේල් මස 23 වැනිදා සෞඛ්‍ය අංශ විසින් පොළොන්නරුව අභයපුර ප්‍රදේශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව ගම්මානයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමටයි ආරක්ෂක අංශ කටයුතු කර තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *