LK reports news sinhala

වෙසක් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් 290 දෙනෙකුට නිදහස

වෙසක් උත්සවයට සමගාමීව සිරකරුවන් 290 දෙනෙකුට නිදහස පිරිනැමෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

වයස අවුරුදු 65 ට වැඩි රැඳවියන්, දඩ මුදල් ගෙවා ගත නොහැකිවූ රැඳවියන් මෙන්ම වසරකට හිමිවන නිවාඩු ගණන පදනම් කරගෙන නිදහස හිමිවන රැඳවියන් ඇතුළුව 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ අද දිනයේදී නිදහස හිමිවී තිබේ.
එමෙන්ම යහපත් කල් ක්‍රියාව පදනම් කරගනිමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්ද ගතවු දින 3 තුළදී තවත් රැඳවියන් 62 දෙනෙකු නිදහස් කිරීම සිදුකළ බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී එම් ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *