ඩුබායි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 ක් මෙරටට

මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද (07) උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එම යානයෙන් පැමිණි සියළුම ගුවන් මගීන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමකට ලක් කර ඇති අතර ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් අදාළ මූලික සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු ගුවන් තොටුපළේ දී සිදු කෙරුණි.

අනතුරුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *