Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

හිටපු CID අධ්‍යක්ෂගේ පෙත්සම විභාගයට දින නියම වේ

හිටපු CID අධ්‍යක්ෂගේ පෙත්සම විභාගයට දින නියම වේ

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාගය සඳහා මේ මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එහිදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා  අසනීප තත්ත්වයකින් පසු වන හෙයින් මෙම පෙත්සම විභාගයට සඳහා දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 19 වනදා නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන් ඉදිරියේ විභාගය ගැනීමට නියම කෙරුණි.

දැනට මරණීය දණ්ඩනය නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීතිවිරෝධී ලෙස ගිනි අවි හඳුන්වාදුන් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

එම අධිකරණය මගින් ශානි අබේසේකර මහතාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව ගම්පහ මහාධිකරණයට ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සම ද එම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

ශානි අබේසේකර මහතාව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරුන් විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත්කර තිබේ

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *