හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ස්වයං නිරෝධායනයට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකයෙක් ලෙස කටයුතු කරන රොෂාන් මහානාම ස්වයං නිරෝධායනයකට ලක්වීමට තීරණය කර තිබේ. ඒ පාකිස්තානයේ පැවති පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගීවී ඊයේ (18) ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟයි.

පාකිස්තානයේ පැවති පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමත් සමඟ එම තරගාවලියට තරග තීරකයෙක් ලෙස එක්ව සිටි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ඊයේ උදෑසන යළි දිවයිනට පැමිණියේය.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රොෂාන් මහානාම සඳහන් කළේ තමන් ඉදිරි දින කිහිපය තුළ ස්වයං නිරෝධායනකට ලක්වීමට තීරණය කළ බවත්, අනෙක් පුද්ගලයන්ද නිවසේම රැඳී සිට සියළු පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *