කල්ඉකුත් වූ රියදුරු බලපත්‍ර හා ආදායම් බලපත්‍ර වලට පොලීසියෙනුත් සහනයක්

කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩලීමේ පූර්වාරක්ෂක වැඩපිළිවෙළ යටතේ රජය විසින් ලබාදී ඇති නිවාඩු හේතුවෙන් රියදුරු බලපත්‍ර හා වාහන ආදායම් බලපත්‍ර අළුත් කිරීම මේ වන විට සිදු නොකරන බැවින්, එසේ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සහ කල් ඉකුත් වූ වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධයෙන් සහනදායීව කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ (18) විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම බලපත්‍ර නැවත නිකුත් කරන ‌තත්ත්වයක් ඇති වී එය යථා තත්වයට පත් වන තුරු පොලීසිය එවැනි කාරණා සම්බන්ධයෙන් සහනදායීව කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට දැනුවත් කිරීම් සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *