රංගිරි දඹුලු රජමහා විහාරයත් තාවකාලිකව වසා දැමේ

රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය ඊයේ ( 18) පස්වරුවේ සිට නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන්ට වසා තැබීමට තීරණය කර තිබෙන බව රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක වලගම්බා පිරිවෙන් කෘත්‍යාධිකාරි මැද පන්සලේ විහාරාධිපති අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියෝ පැවසූහ .

සීගිරිය සහ අවට සංචාරක කලාප තාවකාලිකව වසා දැමීමත් සමග ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානයට විශාල වශයෙන් විදේශීය සංචාරකයන් පැමිණෙමින් සිටි බවත් සමස්ත ජනතාවගේ ආරක්ෂාව සඳහා තම විහාරයේ, සියලු විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා උපදේශකත්වය ඇතිව මෙම තීරණයට එළඹි බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *