හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංග අත්අඩංගුවට…

2011 වසරේ වවුනියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

2011 වසරේදී ශ්‍රී රංග මන්ත්‍රීවරයාගේ ලියාපදිංචි නොකළ වාහනයක් සෙට්ටිකුලම රෝහල අසලදී පාර අයිනේ ගසක හැපීමෙන් මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂක අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු මිය ගියේය.

අනතුර සිදුවන අවස්ථාවේ රථය පදවා ඇත්තේ මියගිය පොලිස් නිලධාරියා බව මන්ත්‍රීවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පැදවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංග විසින් බවයි පොලිස් පරීක්ෂණවලින් පසුව අනාවරණය වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *