සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරියොත් ලබා ගත් ජයග්‍රහණ ගිලිහී යා හැකියි – හමුදාපති

විවෘත සමාජයෙන් නව කොරෝනා ආසාදිතයන් වාර්තා නොවන පරිදි කොවිඩ් වසංගතය පාලනයට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පනවා තිබූ සීමා අදියරෙන් අදියර ලිහිල් කරමින් තිබෙන මේ අවස්ථාවේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද මහජනතාව විසින් නොසලකා හැරියොත් ලබා ගත් ජයග්‍රහණ සියල්ල ගිලිහී යා හැකි බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ගෙන් පමණක් දැනට ආසාදිතයන් වාර්තාවන තත්වයක් පවතින බවත්, ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජය , සෞඛ්‍ය අංශ ඇතුළු සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළේ විවෘත සමාජයෙන් නොව නිරෝධාන මධ්‍යස්ථානවලින් පමණක් රෝගීන් හමුවන මට්ටම කරා ගෙන ඒමට බවත්, අපේක්ෂා කළ එම තත්ත්වයට දැන් රට පැමිණ ඇති බවද ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරි සති දෙකක කාලය ඉතාමත් තීරණාත්මක බැවින් මහජනයා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් කෝවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේන් සදහටම තුරන් කළ හැකි බවද ඒ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *