මනාප අංක නිකුත් නොකර තිබීම ඡන්දයට බාධාවක් නොවේ

මනාප අංක මේ වනවිටත් නිකුත් නොකර තිබීම ලබන ජුනි 20 වැනි දින මහා මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මැතිවරණ කොමිසම ලබන 20 වෙනිදා රැස්වීමට නියමිතව ඇති බවත්, ඉන් අනතුරුව පක්ෂ ලේකම්වරු මෙන්ම පක්ෂ නියෝජිතයින්ව ද මුණ ගැසීමට නියමිත බවත් ඒ මහතා පැවැසීය. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බලා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයකට බොහෝ විට එළඹෙනු ඇතැයි ද සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේය. කොමිසමේ අදහස මැතිවරණය කල් දැමීම නොවන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *