Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සූරියවැව ක්‍රීඩාංගනයේ සිදුවූ පහරදීම ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වන්න – ඩලස්

සූරියවැව ක්‍රීඩාංගනයේ සිදුවූ පහරදීම ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වන්න – ඩලස්

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26) සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයේදී ප්‍රවේශපත්‍ර කවුළු අසළදී සිදුවූ පහරදීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රිකට් ආයතනය උපදෙස් දී තිබේ.

මෙහි දී ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණි ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසකට ප්‍රවේශපත් කවුළු අසල දී කිසියම් ප්‍රහාරයකට ලක්වීමට සිදුව තිබේ. මෙම කණගාටුදායක තත්ත්වය කිසිසේත් අනුමත නොකරන බවත්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා එය දැඩි ව හෙළා දකින බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට ගරු කරන ජනතාවක් සිටින රටක මෙවැනි තත්ත්වයක් ඇතිවීම ඉතා කණගාටුදායක බව ද, මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වහාම පරීක්ෂණයක් කර ඒ පිළිබඳ තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත තමා විසින් නියෝග කළ බව ද, අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *