ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඉන්දියාවේදී නිරෝධායනයට

ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට ඉන්දියාවට ගුවන් මගින් රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඇතුළු එම නෞකාවේ කාර්යමණ්ඩලය ඉන්දියාවේ හර්යානාහිදී යුද හමුදා පහසුකම් යටතේ නිරෝධානයට යොමුකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් යොමුකළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කළේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඔවුන් ගෙන්වා ගැනිමට මැදිහත්විම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය ප්‍රකාශ කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *