අර්බුදකාරී සුඩානයෙන් පළමු ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම ආරක්ෂිතව ඉවත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි බදාදා (26) පැවසීය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය සබ්රි ප්‍රකාශ කළේ මෙම පිරිස සෞදි අරාබියේ ජෙඩා වෙත රැගෙන ගිය බවත්, ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ වැඩබලන කොන්සල් ජනරාල් විසින් ඔවුන් පිළිගත් බවත්ය.
සුඩානයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට පහසුකම් සැලසීම පිළිබඳව අමාත්‍ය අලි සබ්රි වැඩිදුරටත් සෞදි අරාබි රාජධානියට සිය කෘතඥතාව පළ කළේය.
අප්‍රේල් 15 වන දින සුඩානයේ හමුදාව සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) අතර ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පුද්ගලයින් 400 දෙනෙකු මිය යාමෙන් පසුව මෙම ඉවත් කිරීම සිදු කෙරේ.
සුඩාන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ අමාත්‍ය අලි සබ්රි ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සිය පුරවැසියන් සුඩානයෙන් ආරක්ෂිතව ඉවත් කර ගැනීම සඳහා සක්‍රීයව කටයුතු කරමින් සිටින බවත්, සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්ය.
ඉදිරි දින කිහිපය තුළ සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට හැකි වන බව ද අමාත්‍ය සබ්රි අනාවරණය කළේය.
The first group of Sri Lankans have been successfully evacuated from #Sudan! They were received on disembarking at #Jeddah by our actg.Consulate General @SLinJeddah. We are grateful to the Kingdom of Saudi Arabia🇸🇦 for supporting 🇱🇰 @KSAMOFA @KSAembassylk @MFA_SriLanka pic.twitter.com/PyadA3LQNf
— M U M Ali Sabry (@alisabrypc) April 26, 2023