බස්නාහිර පළාතේ සතියක ඩෙංගු මර්දන වැඩසටහනක්

This females abdomen had become distended due to the blood meal she was ingesting, imparting the red coloration to her translucent abdominal exoskeleton.
බස්නාහිර පළාත තුළ 26 සිට සතියක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව අද සිට 2023 මැයි 02 දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මේ අතර, මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ඩෙංගු ව්‍යාප්තවීමේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය කීට විද්‍යාඥයින්ගේ සංගමය වාර්තා කර ඇත.
එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.
“ශ්‍රී ලංකාවේ පවතින වැසි සහ උණුසුම් කාලගුණය නිසා ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් ඉහළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා,” ඔහු පැවසීය.
අවසන් වරට ශ්‍රී ලංකාවෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2017 වසරේ බව පවසන සුමනසේන මහතා කෙසේ වෙතත් 2023 වසරේ වාර්තා වන රෝගීන්ගේ ක්‍රමානුකූල වර්ධනයක් පෙන්නුම් කරන බව සුමනසේන මහතා පැවසීය.
“මෙම තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමේ හැකියාවක් පවතින අතර එය අනාගතයේ දී ඩෙංගු ආශ්‍රිත මරණවලට ද හේතු විය හැකි බව” ඔහු අනතුරු ඇඟවීය.
