Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

“සිරි දළදා යල් අස්වනු පූජාව” ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වේ

“සිරි දළදා යල් අස්වනු පූජාව” ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වේ

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ “සිරි දළදා යල් අස්වනු පූජාව” අද (03) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී සිදු කෙරිණි. පස්වෙනි වරටත් සංවිධානය කළ මෙම පූජාව ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු තවත් අංශ කිහිපයක් එක්ව සංවිධානය කරනු ලැබිණි.

දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අනතුරුව අළුත් සහල්, ධාන්‍ය සහ රන් වී කරල් රැගත් ගොවීන් පෙරහැරෙන් ගොස් දළදා සමිදුන් ඉදිරියේදී පිරිත් සඣජායන‍ය මැද අලුත් සහල් පූජාව පවත්වන ලදී.

පුරාණයේ සිට පැවත එන යල් කන්නයේ අළුත් සහල් දළදා සමිඳුන්ට පුජා කිරීමේ සෙත්කම යලි ජන ගතකිරීමක් ලෙස මෙම යල් අස්වනු පූජාව හැඳින්විය හැකියි.

මල්වතු අස්ගිරි පාර්ශවයන් හි මහ නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි ගරු දියවඩන නිලමේතුමන්ගේ මඟපෙන්වීමෙන් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යංශයේ ලේකම්, ග්‍රාමීය කුඹුරු හා වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා, වාරිමාර්ග කළමණාකරන අංශයේ අධ්‍යක්‍ෂ තුමන්, මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ මධ්‍යම පලාතේ ආංඩුකාර ලලිත් යූ ගමගේ මැතිතුමා ඇතුළු ගොවි සංවිධාන 500ක පමණ ගොවීන් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *