Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

දිවුලපිටියෙන් කොවිඩ් ආසාධිත කාන්තාවක් වාර්තා වේ

දිවුලපිටියෙන් කොවිඩ් ආසාධිත කාන්තාවක් වාර්තා වේ

දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් ඇය මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

උණ රෝගී තත්ත්වය හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර සිටි මෙම කාන්තාව රෝගී තත්වය සුවවී නිවසට යවන අවස්ථාවේදී සිදුකළ PCR පරික්ෂනයකදී ඇයට කොවිඩ් 19 ආසාදිතයෙක් බවට හඳුනා ගෙන තිබේ.

මේ වනවිට ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුත්, එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 40 දෙනෙකු පමණත් නිවාස නිරෝධායනයට ලක් කර ඇති අතර තවදුරටත් ආශ්‍රීතයින් පිළිඹද විමර්ශනය කරමින් පවතී. එම කාන්තාවට කොවිඩ් 19 ආසාදනයවූ ආකාරය සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකරමින් පවතී.

මෙම තත්වය මත මහජනතාවට නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අවධානයෙන් පසුවන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *