මේ අතර ටෙලි නාට්‍යක රූගත කිරීම් සදහා කොළඹ සිට මිහින්තලයට පැමිණ සිටි තිස් නව දෙනකුගෙන් යුත් කණ්ඩායමක රංගන ශිල්පීන් පිරිසක් ඇතුළු එකොලොස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක කියා සිටියේ මෙම රංගන ශිල්පීන් කණ්ඩායමේ ආසාදිතයන් අතර සිටි පිරිමි පුද්ගලයින් නව දෙනෙකු හා කාන්තාවන් දෙදෙනකු ප්‍රතිකාර සදහා නොච්චියාගම හා කැබිතිගොල්ලෑව කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කර ඇති බවයි.
මේ අතර ඉකුත් 17 වනදා රාත්‍රියේ වැලිගම නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට ආසන්නව මාර්ගයේ තිබියදී සොයා ගැනුණු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුර මාතර මහ රෝහලට රැගෙන ගොස් සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
මියගිය පුද්ගලයා වැලිගම පොලිස් වසමේ මිදිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි වියේ පසුවූ අයෙකි. වරාය අධිකාරියේ සේවයෙහි නියුතු වී සිටි එම පුද්ගලයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් නිරෝධානය වෙමින් සිට ඇත.
ඉකුත් 17 වනදා මෙම පුද්ගලයා ආහාර ගෙන ඒමට වැලිගම නගරයට පැමිණ තිබූ අතර එහිදී කිසියම් අයෙකු සමග බහින් බස් වීම හේතුවෙන් මොහුට පහරදීමක් ද සිදුව ඇත.
පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු බව වැලිගම පොලිසිය පැවසුවේය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආපන ශාලාවක සේවකයෙක්ය.
මේ අතර අද දිනයේ ද නිවෙසින් බැහැරට යාමට අවසර ලබාදී තිබුණේ හැඳුනුම්පති අංක ක්‍රමය අනුවයි. එහෙත්, බොහෝ නගරවල එම රෙගුලාසි උල්ලංඝණය කරන තත්ත්වයක් දක්නට ලැබුණු බව වාර්තා විය.