තව දුරටත් වැඩියෙන් රෝගීන් වාර්තා වුවහොත් ඔක්සිජන් අවශ්‍යතාව ද ඉහළ යන බවට අනතුරු ඇඟවීම්

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ දිනයේ වාර්තා වූයේ නව ආසාදිතයින් 3,623 දෙනෙකු වාර්තා වීමත් සමගයි.
දිනක් තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 3500 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව ද මෙය වූ අතර මරණ 36 ක් සමග දිනක සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ වාර්තා වුණි.
ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ තවදුරටත් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ද ඉහළ යන බවය.
මේ අතර කොරෝනා මර්දනය සඳහා ලෝකයේ වෙනත් රටවල් භාවිත කරන ප්‍රතිකාර ක්‍රම අධ්‍යයනය කිරීම සඳහා නව කමිටුවක් ද පත් කර ඇත.
ඒවා මෙරටට හඳුන්වා දීම පිළිබඳ සොයා බැලීම මෙහි අරමුණ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේය.
විශේෂඥ වෛද්‍යවරුන් වන ආනන්ද විජේවික්‍රම, හසිත ද තිසේරා හා ප්‍රසන්න ගුණසේන එම කමිටුවේ සාමාජිකයින්ය.
මේ අතර කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1,165 දෙනෙකු අද සුවය ලැබ ඇත.
ඒ අනුව සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව එක්ලක්ෂ විසිතුන්දහස් පන්සිය තිස් දෙකකි.
