Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොළඹ සහ ඒ අවට පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ඩේලි නිව්ස් වාර්තා කරයි.

මේ සඳහා විකල්ප යෝජනා ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවා.

කොළඹ, මාලඹේ, ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිටින රාජ්‍ය සේවකයින්ගේ කාලය හා මුදල් ඉතිරි කර ගැනීම සඳහා දුම්රිය සේවාව මගින් රැකියා සඳහා ඉවහල් වන බව අමාත්‍ය රණතුංග මහතා පෙන්වා දෙයි.

මෙම ව්‍යාපෘතිය මුලින් ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසු 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, ජපාන රජය ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණයක් සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියෙන් (JICA) මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට එකඟ විය.

පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇතුළු විවිධ හේතූන් මත ව්‍යාපෘතිය අත්හිටුවන ලදී.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන නිල සංචාරය අතරතුර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ජපාන රජය එකඟ වී තිබේ.

කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිලෝමීටර් 16 ක් දිග දුම්රිය ස්ථාන 16 කින් සමන්විත වන අතර, මාලඹේ සිට කොළඹ – කොටුව දක්වා විනාඩි 30 කින් ගමන් කළ හැකි වේ.

කාර්ය බහුල වේලාවන්හිදී සෑම විනාඩි හතරකට වරක් සහ සාමාන්‍ය වේලාවන්හිදී සෑම විනාඩි 10කට වරක් දුම්රිය සේවාව ක්‍රියාත්මක වීමට නියමිතය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *