Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“එජාපයයි සජබයයි එකතු වුණත් දිනන්න බෑ; අද දේශපාලනය වෙනස් වෙලා!”: රනිල්මීගමුවෙන් 28ක්, හෝමාගමින් සහ කොබෙයිගනෙන් තවත් ජීවිත අහිමිවෙයි: “රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ අනිවාර්ය වගකීමක්!” – නාමල්ගෑස් තියාගෙන “ගෑස් නෑ” කී මහනුවර ලිට්‍රෝ වෙළෙන්දාට උසාවියෙන් දඩ: සිලින්ඩර 28ම රාජසන්තක කරයි!මාස් කන්නයට කිසිදු පොහොර හිඟයක් නෑ: යූරියා, මඩ පොහොර සහ බණ්ඩාරි තොග රට පුරා බෙදාහැරීම අරඹයිපොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයිජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයිසවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
ප්‍රවෘත්ති

සවුදියේදී අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය අහෝසි කරවීම ගැන මියන්මාර හින්දු ප්‍රජාවෙන් ජනපති අනුර කුමාරට ප්‍රණාමය

සවුදියේදී අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය අහෝසි කරවීම ගැන මියන්මාර හින්දු ප්‍රජාවෙන් ජනපති අනුර කුමාරට ප්‍රණාමය

සවුදි අරාබියේදී ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා (Anojan Sivarasa) නමැත්තා වෙත නියම කර තිබූ මරණ දණ්ඩනය අහෝසි කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙන යන ලද සාර්ථක රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම අගය කරමින්, මියන්මාරයේ හින්දු මුන්නානි (Hindu Munnani Myanmar) සංවිධානය සිය ගෞරවණීය ප්‍රණාමය පුද කර තිබේ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, රජය විසින් ඉටුකළ මෙම මානුෂීය සහ රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරය ඇගයීමට ලක්කරමින්, ජනාධිපතිවරයා වෙත යොමුකළ විශේෂ ප්‍රශංසා ලිපියක් සහ දීපවාලි සුබපැතුම් තිළිණ පැකේජයක් එම සංවිධානය විසින් පිරිනමා ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් 21 වැනි දින යැංගොන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රභාෂිණී පොන්නම්පෙරුම මහත්මිය වෙත මෙම නිල ලිපිය සහ තිළිණය නිල වශයෙන් භාරදෙන ලදී.

මියන්මාර හින්දු මුන්නානි සංවිධානයේ ප්‍රධාන ලේකම් ක්යෝ නයින්ග් ඌ (Kyaw Naing Oo), අනුශාසකවරුන් වන ක්යි සෝයි සහ ක්යෝ මින්, සභාපති නයින්ග් වින් ටූන් මෙන්ම නිලධාරිනියන් වන තාන් තාන් සෝයි සහ මොන් මොන් සන් යන මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“ජාති, ආගම් ඉක්මවා ගිය මානුෂීය ගුණාංගයක්”

මෙහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ නියෝජිතයින්, සවුදි අරාබියේ මරණ දණ්ඩනයට නියමව සිටි ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දැක්වූ සක්‍රීය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ඉහළින්ම ඇගයීමට ලක්කළහ.

විශේෂයෙන්ම ජාති, ආගම් හෝ දේශසීමා භේදයකින් තොරව තම පුරවැසියෙකුගේ ජීවිතය රැකගැනීම උදෙසා ශ්‍රී ලංකා රජය ක්‍රියාකළ ආකාරය සැබෑ සහකම්පනය සහ සහෝදරත්වය විදහාපාන උදාර මානුෂීය ආදර්ශයක් බව ඔවුහු පෙන්වා දුන්හ.

මියන්මාර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ලද මෙම සුහදශීලීභාවය සහ සහයෝගීතාව වෙනුවෙන් යැංගොන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය හෘදයාංගම කෘතඥතාව පළ කර ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *