මාස් කන්නයට කිසිදු පොහොර හිඟයක් නෑ: යූරියා, මඩ පොහොර සහ බණ්ඩාරි තොග රට පුරා බෙදාහැරීම අරඹයි

මෙවර මාස් කන්නය සඳහා අවශ්‍ය වන සියලුම පොහොර තොග ප්‍රමාණවත් පරිදි මේ වන විට රට තුළ පවතින බවත්, ඒවා ගොවි ජනතාව වෙත බෙදාහැරීමේ කටයුතු මේ වන විටත් සාර්ථකව ආරම්භ කර ඇති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවාගේ මහතා අවධාරණය කළේය.
පොහොර සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක දත්ත හෙළිකරමින් අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේ, මාස් කන්නය වෙනුවෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 180,000ක අවශ්‍යතාවක් පවතින බවයි. ඉන් මෙට්‍රික් ටොන් 33,000ක් පමණ මේ වන විටත් ප්‍රාදේශීය මට්ටමින් බෙදාහැර අවසන් කර ඇති අතර, පොහොර සමාගම් සතුව තවත් මෙට්‍රික් ටොන් 42,000කට ආසන්න තොගයක් පවතී.
මීට අමතරව, පසුගිය මස අගභාගයේදී පොහොර රැගත් නෞකා තුනක් වරාය වෙත ළඟා වී ඇති අතර, ඒ ඔස්සේ යූරියා මෙට්‍රික් ටොන් 98,700ක් ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුකෙරේ. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ලැබීමට නියමිත මෙට්‍රික් ටොන් 44,000ක ඇණවුම්ද සමඟින්, සමස්තයක් ලෙස රට තුළ පවතින සහ ලැබීමට නියමිත යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 218,000ක් දක්වා ඉහළ යනු ඇත.
මඩ පොහොර (TSP සහ SSP) තොග
මඩ පොහොර අවශ්‍යතාව සඳහා ආනයනික TSP (ත්‍රිත්ව සුපර් පොස්පේට්) සහ දේශීයව නිෂ්පාදිත SSP (තනි සුපර් පොස්පේට්) පොහොරද ප්‍රමාණවත් පරිදි පවතින බව ඔහු සඳහන් කළේය.
මේ වන විට TSP මෙට්‍රික් ටොන් 4,396ක් සහ SSP මෙට්‍රික් ටොන් 511ක් බෙදාහැර ඇති අතර, සමාගම් සතුව TSP මෙට්‍රික් ටොන් 16,700ක් සහ SSP මෙට්‍රික් ටොන් 5,000ක් ගබඩා කර ඇත. මීට අමතරව තවත් TSP මෙට්‍රික් ටොන් 21,000ක සහ SSP මෙට්‍රික් ටොන් 5,000ක නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර, සමාගම් සතුව ඇති තවත් අමතර SSP මෙට්‍රික් ටොන් 10,000ක තොගයද සමඟින් සමාගම් සතුව පවතින සමස්ත මඩ පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 31,000ක් පමණ වේ.
බණ්ඩාරි (MOP) පොහොර අවශ්‍යතාව
මාස් කන්නය සඳහා MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) හෙවත් බණ්ඩාරි පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 57,000ක් වන අතර, ඊට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 57,500ක තොගයක් දැනටමත් රට තුළ පවතී.
ඉන් මෙට්‍රික් ටොන් 5,000ක් පමණ බෙදාහැර ඇති අතර, සමාගම් සතුව මෙට්‍රික් ටොන් 50,500ක තොගයක් ඉතිරිව තිබේ. ඉදිරියේදී තවත් MOP මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කිරීමටද සැලසුම් කර ඇත.
මෙම සියලු පොහොර තොග දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මෙන්ම බලයලත් වාණිජ වෙළෙඳසැල් ජාලය ඔස්සේ පහසුවෙන් ලබාගැනීමට ගොවි ජනතාවට අවස්ථාව සලසා ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.




