Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“එජාපයයි සජබයයි එකතු වුණත් දිනන්න බෑ; අද දේශපාලනය වෙනස් වෙලා!”: රනිල්මීගමුවෙන් 28ක්, හෝමාගමින් සහ කොබෙයිගනෙන් තවත් ජීවිත අහිමිවෙයි: “රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ අනිවාර්ය වගකීමක්!” – නාමල්ගෑස් තියාගෙන “ගෑස් නෑ” කී මහනුවර ලිට්‍රෝ වෙළෙන්දාට උසාවියෙන් දඩ: සිලින්ඩර 28ම රාජසන්තක කරයි!මාස් කන්නයට කිසිදු පොහොර හිඟයක් නෑ: යූරියා, මඩ පොහොර සහ බණ්ඩාරි තොග රට පුරා බෙදාහැරීම අරඹයිපොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයිජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයිසවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
ප්‍රවෘත්ති

වන සතුන් මරාදමන මර උගුල් සහ ගිනිඅවි සොයා කැකිරාවේ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක්: කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේ

වන සතුන් මරාදමන මර උගුල් සහ ගිනිඅවි සොයා කැකිරාවේ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක්: කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේ

වන සතුන් ඉලක්ක කර අටවනු ලබන නීතිවිරෝධී ගිනිඅවි, බඳින තුවක්කු සහ හක්කපටස් ඇතුළු මර උගුල් තුරන් කිරීමේ ජාතික මෙහෙයුමට සමගාමීව, වනජීවී නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව කැකිරාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ වැටලීම් මාලාවකදී කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හක්කපටස්, බඳින තුවක්කු සහ නීතිවිරෝධී ගිනිඅවි මැඩපැවැත්වීම සඳහා ආරම්භ කරන ලද මෙම ජාතික වැඩසටහනේ දෙවැනි අදියර යටතේ මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇත.

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීකිරියාව ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී නීතිවිරෝධී කොටස් එකලස් කළ බෝර තුවක්කුවක් (Cartridge firearm), බඳින තුවක්කුවක්, ඊයම් මූනිස්සම් තොගයක්, මුව අං තට්ටු පහක් (05), මුව අංවලින් මිට සාදන ලද පිහි කිහිපයක් සහ කඩුවක් නිලධාරීන් භාරයට ගෙන තිබේ. මෙම නීතිවිරෝධී භාණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගනු ලැබීය.

කහල්ල-පල්ලෙකැලේ අභයභූමියේදී කොටුවූ දඩයක්කාරයා

මේ අතර, කහල්ල-පල්ලෙකැලේ අභයභූමියට අයත් නීගිනියාව ප්‍රදේශයේ සිදුකළ තවත් වැටලීමකදී, රක්ෂිතය තුළට අනවසරයෙන් ඇතුළු වී ගිනිඅවියක් ආධාරයෙන් හාවෙකු දඩයම් කර මරාදැමූ බව කියන තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත් වූහ.

එම සැකකරු සන්තකයේ තිබී තවත් බඳින තුවක්කුවක් සහ ජීව පතොරම් හතක් (07) සොයාගෙන ඇත. මීට අමතරව, ඔහු සතුව තිබූ බලපත්‍රලාභී ගිනිඅවියක බඳ කොටසෙහි (Barrel) දිග වෙනස් කර නීතිවිරෝධී ලෙස නවීකරණය කර තිබූ බවද ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ නඩු භාණ්ඩ සියල්ල ඉදිරි නීතිමය පියවර සඳහා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්ගමුව ප්‍රදේශයෙන් මූලිකව ආරම්භ කරන ලද මෙම ජාතික ඒකාබද්ධ මෙහෙයුම, වන සතුන්ට හානි සිදුකරන සියලු නීතිවිරෝධී ගිනිඅවි සහ උගුල් සොයා ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *