සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීම ලබන 20 සිට 22 දක්වා

විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කරදීමේ කටයුතු ලබන බදාදා (20), බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන තෙදින තුළ සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව එම දිනවල පාසල්වල රැදී සිටිමින් සිසු දරු දැරියන්ගේ සරසවි ප්‍රවේශපත්‍ර සහතික කරදීමට පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය සියලූ පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

උද්ගතවී ඇති වත්මන් තත්වය මත සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇති සියලූ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අනුව කටයුතු කරමින් අදාළ පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් එම අයදුම්පත් සහතික කරවාදීම සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව සරසවි වරම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව මෙවර 7500 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි. එමෙන්ම වැඩිපුර බඳවා ගන්නා පිරිසට සමගාමීව විශ්ව විද්‍යාලවල පහසුකම් ප්‍රවර්ධනය කරීමටද පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *