බෝගම්බර බන්ධනාගාරය රැඳවියන්ගේ නිරෝධායන කටයුතු සදහා යෙදවේ

බෝගම්බර බන්ධනාගාරය රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන පුද්ගලයින් නිරෝධායනයට ලක්කෙරෙන විශේෂ මධ්‍යස්ථානයක් ලෙසට යොදා ගැනීමට තීරණය කර තිබේ.

විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන රැඳවියන් දින 21 ක කාලයක් නිරෝධායන කි‍්‍රයාවලියකට යොමු කිරීමට නියමිත බවත්, ඔවුන් බන්ධනාගාරයට යොමු කිරීම සිදු කරනු ලබන්නේ එම නිරෝධායන කි‍්‍රයාවලියෙන් අනතුරුව බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වනවිට එම කටයුතු බූස්ස සහ මීගමුව යන බන්ධනාගාරවලදී සිදුකෙරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *