“අම්ෆන්” අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ප්‍රචණ්ඩ සුළි කුණාටුව (“අම්ෆන්”) මේ වනවිට ඉතා ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) දහවල් 12ට නිකුත් කළ නිවේදනයෙන් දන්වා සිටී.

එම කුණාටුව 18 වන දින පෙ.ව. 05.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 765 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.2 ත් නැගෙනහිර දේශාංශ 86.3 ත් ආසන්නව මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතිනු ඇති බවටත්, ඉදිරි පැය 12 තුලදී අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවටත් අනුමාන කෙරේ. මෙය උතුරට බරව ඊසාන දෙසට හැරී 20 වන දින අපරභාගය වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇත.

දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට 150 mm ඉක්මවූ ඉතා තද වැසිද ඇති විය හැක.‍

උතුරු සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *