Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක්

සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක්

කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

252 වන අධිකාරිය වන මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තියේ ආ, ඇ, ඈ යන උප වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව අදාළ පියවර ගෙන ඇති බවයි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව ලබන මාර්තු මස 20 වනදා සිට සයින්දමරුදු නගර සභාව ස්ථාපනය කෙරෙන බවයි විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

සයින්දමරුදු නගර සභාවේ පරිපාලන සීමාවන් ද මෙම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි නැගෙනහිර සීමාව ලෙස ඉන්දියන් සාගරය නම් කර ඇති අතර බස්නාහිරට වෙට්ටේආරූ නම් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් කල්මුණ මහ නගර සභාවේ සහ සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන සීමාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය අතර පසුගිය කාලසීමාව තුළ මත ගැටුම් ද පැවතියේය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *