සයිටම් හි වත්මන් තත්වය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.

පසුගියදා එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ බන්දුල ගුණවර්ධන මහතා එම ආයතනයේ හිමිකරුවන නෙවිල් ප්‍රනාන්දු මහතා හමු වී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, සයිටම් රෝහල රජයට පවරා ගැනීමට අත්සන් කළ ගිවිසුම අනුව පැවති රජය කටයුතු කර නොමැති බවත් තමන් බැංකුවලට ණය වී සිටින බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනන්දු මහතා තමන්ට දැනුම් දුන් බවද අමාත්‍යවරයා පැවසීය. මේ පිළිබඳව තොරතුරු හෙට (12) දිනයේ ජනාධිපතිවරයාට ලබාදෙන බවද අමාත්‍යවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *