සමගි ජනබලවේගය දුරකතනය ලකුණින් තරගවදිනවා – සුජීව සේනසිංහ

ඉදිරි මහමැතිවරණයට සමගි ජනබලවේගය දුරකථනය ලකුණ යටතේ සියලූම මැතිවරණ කොට්ඨාසවලට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය. ඒ බව හදුන්වා දීමට ඉදිරි දින කිහිපය තුළ උත්සවයක් පවත්වන බවද ඔහු සදහන් කළේය. ඔහු මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එමෙන්ම දුරකතනය ලකුණ යටතේ සමගි ජනබලවේගය ඉදිරි මහමැතිවරණයේ දී මන්ත‍්‍රීධුර 90 කට අධික ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *