තවම සන්ධානයක් හදලා නෑ, දේශපාලන පක්ෂයක් සල්ලිවලට අරන් තනතුරු වෙනස් කරලා – වජිර

දේශපාලන පක්ෂයක් මුදලට ගෙන එහි තනතුරු වෙනස් කරගත් පමණින් එය සන්ධානයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ කරන්දෙනිය ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමිනි.

මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පවසා සිටියේය.

“තවමත් සන්ධානයක් හදලා නෑ. මේ වන විට දේශපාලන පක්ෂයක් මුදලට අරන් එහි තනතුරු වෙනස් කිරීමක් පමණයි සිදුවී තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂය අහිකුංඨක තැනක් යැයි සමහරු විශ්වාස කරනවා, අම්බලන්වල හිටපු අයත් අලියාගෙන් පාර්ලිමේන්තු ගිහින් තියෙනවා. මෙම පක්ෂය දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කර තියෙන්නේ අලියා ලකුණින්, මළ කුණු යටතේ එජාපය නියෝජනය කර නෑ, කිසිවෙකුටත් අවශ්‍ය පරිදි පක්ෂය විනාශ කිරීමට ඉඩ දෙන්න බෑ”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *