සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙසැම්බර් 7 වැනිදා යළි ආරම්භ කෙරේ

පසුගිය මාසයේ සිට වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙසැම්බර් 7 වැනිදා සිට යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

නොවැම්බර් 15 වැනිදා තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමිණි.

“මම සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමූ දින (නොවැම්බර් 15) දින 50 ක් ඇතුළත නැවත ආරම්භ කරන බවට පොරොන්දු වුණා. පොරොන්දු වූ පරිදි අපි දෙසැම්බර් 7 වනදා එනම් වසා දමා 22 වන දින පිරිපහදුව නැවත ආරම්භ කරමු,” අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *