සඳුදා සිට සෑම දුම්රිය මැදිරියක් සදහාම හමුදා සාමාජිකයින් යෙදවේ

ලබන සඳුදා (11) සිට අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩල වෙනුවෙන් යෙදවීමට නියමිත දුම්රිය වල ආරක්ෂාව සදහා යුද හමුදා සාමාජිකයන් හයසීයකට ආසන්න පිරිසක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය ආරක්ෂකයන්ට අමතරව සෑම දුම්රිය මැදිරියක් සඳහාම මෙම හමුදා සාමාජිකයන් යොදවන බවත්, කලින් ආසන වෙන් කරවා ගත් මගීන්ට අමතරව වෙනත් දුම්රිය මගීන් දුම්රියට ගොඩවීම වළක්වා ගැනීමට මෙලෙස යුද හමුදාව යෙදවීමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා සිටින්නේ ආසන වෙන් කිරීම සිදු කෙරෙන්නේ ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශ මත පමණක් බවත්, ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව තීරණය කෙරෙන්නේ වෙන් කර ගන්නා ආසන ප්‍රමාණය අනුව පමණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *